මවයි දරු දෙන්නයි නූලෙන් බේරෙයි


මොරගහහේනේ තලගල නිවසක මවක හා දරු දෙන්නා විදුලි සැර කවා මරන්නට ගිය බව කියන විදුලි කාර්මිකයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී.

එම කාන්තාවගේ සැමියා හම්බන්තොට ගොස් සිටියදී  මේ සිද්ධිය වාර්තා විය.

රෙදි පීස්වල කාඩ්බෝඩ් රෝලේ දෙපැත්තට යකඩ කූරූ සවි කැර අසල වැඩපොළකින් ඊට විදුලිය කවා නිදා සිටි කාන්තාවට  විදුලිසැර වැද්දීමට යද්දී ඇයට ඇහැරුණු බවත් පුද්ගලයකු පැන ගිය බවත් පොලීසිය කියයි.

පොලිස් සුනඛ ග්‍රේරෝ සෙලෝටේප් කැබැල්ලක ඉව ඔස්සේ  අසල විදුලි කාර්මිකයකුගේ නිවසට ගිය බවත් ඒ අනුව ඔහු සැකපිට අත්අඩංගුවට ගත් බවත් ඔහු  පුද්ගලයා එම කාන්තාවගේ මස්සිනා කෙනකු බවත් පොලීසිය කියයි.

B1 B2 B4 BB3