මවත් දියණියත් කහ ඉරේ දී මරුට


දෙමටගොඩ බේස්ලයින් මාර්ගයේ කහ ඉරෙන් පාර මාරුවෙමින් සිටිය දී කාරයක හැපුණු 47 හැවිරිදි මවක හා 10 හැවිරිදි ඇගේ දියණිය මියගොස් ඇතැයි පොලිසිය කියයි. කාරය පැදවූ බව කියන15 හැවිරිදි පාසල් සිසුවා අත්අඩංගුවට ගනු ලැබ සිටියි. සෙනසුරාදා රාත්‍රී 10.00 ට පමණ මේ අනතුර සිදුව ඇති අතර කොළඹ ජාතික රෝහල් ආරංචි පවසන්නේ රෝහලට ගෙන එනවිටත් මේ දෙදෙනාම මියගොස් සිටි බවයි.

මව හා දියණිය මිය යාමෙන් පසුව පැය කිහිපයක් යන තුරු එම පුදේශයේ කලබලකාරී ස්වරූපයක් මතු වූ බව අසල්වැසියෝ කියති.

වැරදි පුද්ගලයෙකු මුලින් අත්අඩංගුවට ගත්තැයි පොලිසිය දොෂාරෝපණයට ලක් විය.