මවගේ අනියම් සැමියා පහරදී ගොළු දැරිය මරාදාලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ, සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්) 

යාචක වෘත්තියේ යෙදෙමින් ජීවත් කරවූ ගොළු දැරියක ඉතා අමානුෂික ලෙස පහරදී මවගේ අනියම් සැමියා විසින්  ඝාතනය කර ඇතැයි හිරණ පොලිසිය කියයි.    

ඝාතනයට ලක්ව ඇත්තේ  පානදුර හිරණ ලේක් විව් පදිංචිව සිටි  බණ්ඩාරගම ගල්තුඩේ ධම්මකිත්ති ප්රාතථමික විද්යාරලයේ විශේෂ  ඒකකයේ අධ්යායපනය හදාරන පැල්පොලගේ රෝෂිණී කවිෂ්කා පෙරේරා නැමති 7 හැවිරිදි දැරියක බව පොලිසිය කියයි.

දැරියගේ ශරීරයේ සෑම ස්ථානයකම තැලුම් තුවාල දක්නට ඇති අතර කටින් හැපූ බවට සැක කරන  දත් පහරවල් සහිත තුවාලයක් පාදයක  දක්නට ඇතැයි පොලීසිය සඳහන් කරයි. 

ඝාතනයට ලක්වූ දැරියගේ පියා  යුද්ධ හමුදා විශේෂ බලකායේ සෙබළුකු වන අතර මව සහ දැරිය මීට වසර කිහිපයකට පෙර අත්හැර දමා  ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

අනතුරුව දැරියගේ මව දැරිය ජීවත් කරවීම සඳහා යාචක වෘත්තියේ යෙදී ඇති අතර පසුව වෙළඳසැලක සේවයට ගොස් සිටියදී සැකකරු  හා මිතුරු වී තිබූ බව එම කාන්තාවගේ ප්ර කාශයකින් අනාවරණය වූ බව පොලිස් නිලධාරිනියක් පැවසුවාය.

මීට සති තුනකට පමණ ඉහතදී  දැරියගේ මව සහ දැරියව සැකකරු විසින් මවගේ නිවසට කැඳවාගෙන පැමිණ තිබූ අතර  එදින ඒ සිට දැරියට අමානුශික ලෙස පහර දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුගේ පහර කෑම හේතුවෙන්   දැරිය රෝගී තත්ත්වයෙන් දින කිහිපයක් තිස්සේ පසු වී ඇති අතර දැරියව රෝහල් ගත කිරීමටත් මව හෝ මිත්තණිය  කිසිදු උත්සාහයක් ගෙන නොතිබූ බව පොලිස්  විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දැරිය අද (7) උදෑසන සිට රෝගී තත්ත්වයෙන් අසාධ්යත පසුවි නිවසේ  කාමරයක  බිම දමන ලද පැදුරක් මත මිය ගොස් සිටි බව පොලිසිය කියයි.

දැරිය මිය ගොස් ඇති බව දැන ගත් සැකකරු නිවසෙන් පලා යාමේදී හිරණ පොලිසියේ නිලධාරියෙකු විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි පානදුර අපරාධ පරීක්ෂණාගාර නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ. මහේස්ත්රාූත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
29 හැවිරිදි සැකකරු පානදුර මහේස්ත්රානත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය.

පානදුර කොට්ඨාස භාර ජ්යෙුෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න  මහත්වරුන්ගේ උපදෙස් මත     හිරණ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමීර ද සිල්වා  අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී මල්ලිකාරචිචි පොලිස් සැරයන්3081 එදිරිසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.