මවක තලතාගෙනුත් රුපියල් 50ක වන්දි ඉල්ලයි


අවුරුදු පහට අඩු දරුවන් සිටින කාන්තාවනට විදේශ ගත වීම තහනම් කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අහෝසි කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙසත් රුපියල් 50ක වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලා තිදරු මවක වන ප්‍රියදර්ශනී ආරියරත්න අභියාචනාධිකරණයට අද රීට් පෙත්සමක් ගොනු කළාය.

මෙහි වගඋත්තරකරුවන් ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ආර්.කේ.ඔබේසේකර, විදේශ සේවා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

මේ පෙත්සමේ සඳහන් වන්නේ පෙත්සම්කාරිය තිදරු මවක් වන අතර වනිතා ක්‍රියාකාරිනියක වන බවයි. වයස අවුරුදු 35ට අඩු දරුවන් සිටින කාන්තාවන් විදේශ ගත වීම තහනම් කරමින් විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් විසින් පසුගිය සැප්තැම්බර් හතර වැනිදා චක්‍රලේඛයක් නිකුත් කළ බවත්, එමගින් කාන්තාවන්ගේ වයස ශ්‍රේණිගත කර අදාල කොන්දේසි පනවා ඇති බවත් කියා සිටී.