මල්වතු මහානාහිමිවරු කනස්සල්ල පළ කරති.


තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකික භික්ෂූන් ඇතුළු ශ්‍රී ලාංකිකයනට හිතාමතාම කරන පහදරීම් වලින් ශ්‍රී ලාංකිකයන් රැකගැනීමට ඉන්දීය රජය අපොහොසත්වීම ගැන ඉන්දීය රජයට බලවත් විරෝධය හා කනස්සල්ල දක්වන මල්වතු අස්ගිරි මහා නාහිමිවරු එම ප්‍රහාරයනට විරෝධය ද පළ කරති.

තිබ්බොටුවාවේ සුමංගල මල්වතු මහා නාහිමි හා උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්ට ලිපියක් මගින් මේ බව දන්වති. තමිල්නාඩුවේ ප්‍රහාර ශිෂ්ඨසම්පන්න සමාජයකට අනුමත කළ නොහැකි බවත් මහා නාහිමිවරු පවසති. මේ පහරදීම පිටුපස කොටි හිතවාදී තමිල්නාඩු රජයේ ද සහාය ලැබෙතියි ද මහා නාහිමිවරු කියා සිටිති. බුදුන් වහන්සේත් මිහිඳු හිමියන් හා සංඝමිත්තා තෙරණියත් උපන් දේශයේ වනදනාමාන කටයුතුවලට යන ශ්‍රී ලාංකිකයනට සිදුවන මෙවැනි අයහපත් සිද්ධි වළක්වා ගැනීමට ඉන්දියා රජය මැදහත්වනු ඇතැයි අපේක්ෂා කරන බව ද මහා නාහිමිවරු කියති.