තම මව (34) ළඟ ජීවත් වන බාල මල්ලිට (11) මව දිනපතාම රාත‍්‍රියේ නිදි පෙති දි අනියමි සැමියකු නිවසට ගෙන්වා ගනිතියි ද නිදි පෙති දිම නිසා මල්ලි අසීමිත ලෙස මහත් වෙතියි ද පවසමින් රජරට සාමනේර හිමිනමක් තම දෙවැනි මල්ලි ද කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිළධාරි කේ. කේ. කීර්තිරත්න මහතා ද සමඟ පැමිණ පොලිසියට පැමිණිලි කර ඇත.
බාල මල්ලි වෙනුවෙන් පියා මාසිකව රුපියල් පන් දහස බැගින් නඩත්තු ගෙවන නමුත් එම මුදල් මල්ලිගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හෝ මල්ලිගේ වෙනත් කිසිදු කටයුත්කට නොයොදවන බවද පැමිණිල්ලේ දැක්වේ.
බාල මල්ලි මව නිවසේ තබා ගෙන සිටින්නේ නඩත්තු ලබා ගැනිමේ අරමුණින් මිස ඔහුට ඇති සෙනහසක් නිසා නොවන බවද පැමිණිලි කර ඇති සාමනේර හිමියන් මල්ලිගේ ජීවිතය අනාරක්ෂිත බව පැවසීය. ඔහු සාමනේර හිමියන් වැඩ වසන පන්සලට රැගෙන යාමට පොලිසිය අවසර දී ඇත.