(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරගහහේන නාගල කන්ද ප්‍රදේශයේ නිවසකට කඩා වැදී ඇඳක නිදා සිටි පුද්ගලයකුට තියුණු ආයුධයකින් සහ යකඩ පොල්ලකින් පහර දුන් සහෝදරයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූවන් අතර යුද හමුදා කොමාන්ඩෝ සෙබළකු වන බව පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා පහර දීමට යොදා ගත් කඩුවක් සහ යකඩ පොල්ලක් පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධියෙන් බරපතළ තුවාල ලද පුද්ගලයාගේ මල්ලි සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කලක සිට පවතින ආරවුලක් මුල්කරගෙන නිවසට කඩා වැදී මල්ලි යයි සිතා මෙම පහරදීම සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවල වලදී අනාවරණය වී ඇත.
ඒ අවස්ථාවේ දී එම පුද්ගලයා ඊට යාබද කාමරයක නිදා සිට ඇතැයි පොලිසිය කියයි.

