වැඩිමල් සහෝදරයාගේ දරු දෙදෙනා විකිණූ බව කියන බාල සහෝදරයා හා ගැහුණුන් දෙදෙනෙක් ගම්පොළ පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබිණි.
වයස අවුරුදු 2 ක පිරිමි දරුවා රුපියල් 5000 කට ගම්පොළ කීරපනේ නිවසට විකුණා ඇති අතර සිව් හැවිරිදි වැඩිමල් දරුවා රුපියල් 20,000 කටද විකුණා ඇත්තේ දරුවන් නැති අඹු සැමි යුවළක් ලෙසින් වෙස්වලාගත් පොලිසියේ දෙදෙනකුටය.
මව මිය යාමෙන් පසු මෙම දරුවන්ගේ පියා තම බාල සහෝදරයාට දරුවන් බලාගැනීමට පවරා රැකියාවකට ගොස් ඇතැයිද පැවසේ.
දරුවන්ගේ පියාත් මියගිය බව පවසා ගනුදෙනුව කර ඇතැයිද කුඩා දරුවා ගම්පොළ කීරපනේ නිවසකට විකිණීමෙන් පසු කුරුණෑගල ඥාති නිවසකට බාරදී ඇත. වැඩිමල් දරුවා විකුණන බවට ලැබුණු තොරතුරක් අනුව දරුවන් නැති ජෝඩුවක් ලෙස පොලිස් කාන්තාවක (එම්.මාලිනී) හා කොස්තාපල්වරයෙකු (ජයවර්ධන) දරුවා ගම්පොළ දොළොස් බාගේ නිවසකින් රුපියල් 20,000 කට මිලට ගෙන ඇත. අනතුරුව ගනුදෙනුවත් සමග සැකකරුවෝ අත් අඩංගුවට ගනු ලැබූහ.




