මල් මල් වැඩසටහනක්


( මංජුල සමින්ද වැලිමඩ සිට ) - වැලිමඩ සමෘද්ධි මහා සංගමයේ ව්‍යාපෘති අංශයේ මූලිකත්වයෙන් සංවිධානය කළ මල් වගා පුහුණු වැඩසටහනක් පසුගියදා හග්ගල උද්භිද උද්‍යානයේදී පැවැත්විණි. මේ සදහා වැලිමඩ ප්‍රදේශයේ මල් වගා කරුවන් 100 ට අධික ප්‍රමාණයක් සහභාගී වී සිටියහ. හග්ගල උද්භිද උද්‍යානයේ වැඩසටහන් සහකාර සාගර පියසේන මහතා විසින් වැඩසටහන මෙහෙයවීය.