මල් පොහොට්ටුවට එක්වෙති


‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස අපි කල්පනා කළා ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා මන්ත්‍රීවරුන්ගෙන් සාමාජිකයන් බඳවා ගැනීමේ පළමු වටය ආරම්භ කිරීමට. අද අපට බොහොම සතුටුයි. ලැබී ඇති වාර්තා අනුව මන්ත්‍රීවරුන්ගෙන් සියයට 75ක් මෙහි පැමිණ සිටිනවා‘ යැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද(24) බත්තරමුල්ල නෙළුම් පෙදෙසේ එම පක්ෂ මූලස්ථානයේ දී පැවසීය.

පක්ෂ සාමාජිකයන් බඳවා ගැනීමේ උත්සවයට එක්වෙමින් රාජපක්ෂ මහතා කියා සිටියේ යාපනය ඇතුළු සියලුම ප්‍රදේශවලින් පැමිණ සිටින නිසා ග්‍රාමසේවා වසම් 18029 හිම ශාඛා සමිති පිහිටුවීමට බලාපොරොත්තුවන බවයි.

GLA_7841 GLA_7871 GLA_7890 GLA_7936