මල් කැකුළක් මරුවා පරදයි


මාරාන්තික විය හැකි මෙනින්ජයටිස් රෝගයට ගොදුරුවී අත් පා අහිමිවූ දැරියක් ජීවත් වීම සඳහා වඩාත් කාර්යක්ෂම වූ අත් පා සොයමින් සිටින්නීය. ඇය එංගලන්තයේ ජීවත්වන සත් හැවිරිදි එලීය.

ඇගේ පළමු උපන්දිනයට දින තුනක් තිබියදී දම් පැහැති ලප ඇගේ සිරුරේ තැන තැන මතුවන්නට විය. මෙනින්ජයටිස් රෝගයට ඇය ගොදුරුවීම ඊට හේතුවයි. වෛද්‍යවරු මෙනින්ජයටිස් පාරාජයට පත් කළ ද එහි අතුරු ආබාධයක් වන මෙනින්‍ජකොකල් තත්ත්වයට ඇය ගොදුරුවූයේ ඇගේ ළමා වියේ වැඩි කාලයක් සීමා කරමිනි. මේ කාලයේදී 76 වතාවක් ශල්‍යකර්ම වලට භාජනය වූ කුඩා එලී ට තම දෙපා අහිමිවිය. එක් අතක් ද කපා දමන්නට සිදුවූ අතර අනෙක් අතට ද බරපතල හානි සිදුව තිබේ.  මුහුණ ද විරූපී විය.

වසර හතකට පසුව කෘතිම පාද සහ අධාරක උපකරණ භාවිතයෙන් ඇය පාසල් යන්නීය. නොබියව මරුවා පරාජය කරමින් ජීවිතයට මුහුණ දුන් ඇයට වෙනුවේ පාසල් ගුරුවරු දැන් අරමුදලක් ආරම්භ කැර තිබේ. එහි අපේක්ෂාව වඩාත් ඉහළ ප්‍රමිතියකින් යුතු කෘතිම පාද හා අතක් ඇයට ලබාදීමයි.