මල් කැකුලක් පරාක්‍රම සමුද්‍රයට බිලිවෙයි


පරාක්‍රම සමුද්‍රයේ දිය නෑමට ගිය  මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිලි මියගොස් ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි. තම ඥාතීන් සමග පොළොන්නරුව නැරඹීමට ගිය මොවුන්  පරාක්‍රම සමුද්‍රයේ දෙකේ ඇළ සොරෝව්ව අසලදී දිය නාද්දි මෙම අනතුරට ලක්ව ඇත. සති හතරක් ඇතුළත මෙම ස්ථානයේ සිදු වූ සිව්වන මරණය මෙය බව පොළොන්නරු පොලිසිය පවසයි.