ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම නිසා අද (13) පැවැති ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ මධ්‍යම කමිටු රැුස්වීම ගාලගෝට්ටියක් බවට පත්වූ බව වාර්තා වේ. මලල කී‍්‍රඩා සංගමයේ මධ්‍යම කමිටු රැුස්වීම ටොරින්ටන් පෙදෙස් පිහිටි මලල කී‍්‍රඩා සංගම් මූලස්ථානයේදී පැවැත්වුණි.
සංගමයේ භාණ්ඩාගාරික කිරාන් අතපත්තු මහතා මාධ්‍යවලට අසත්‍ය තොරතුරු දෙන බවට චෝදනා කරමින් ජනසතු සේවා මලල කී‍්‍රඩා සංගමයේ නියෝජිත එච්. ඒ. උපාලි මහතා සභාවට කරුණු ඉදිරිපත් කර තිබේ. අතපත්තු මහතා ඊට පිළිතුරු දීමට යාම නිසා ඇති වූ බහින්බස්වීම දුරදිග යාමන් මෙම කලහය ඇති වී තිබේ.
බහින්බස්වීම් දුරදිග යාමත් සමග සභාවේ සිටි ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් අතපත්තු මහතාට පහරදීමට සැරසුණු බවත් එහිදී ඔහු ඊට ප‍්‍රතිචාර දැක්වීමත් සමග සභාවේ ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් උත්සන්න වූ බවත් දැන ගන්නට ඇත.
මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා මූලාසනයේ සිටි මධ්‍යම කමිටු රැුස්වීමේදී අතපත්තු මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආ යුතු යයි නිලධාරීන් කීපදෙනකුම යෝජනා කර තිබේ.
එම අවස්ථාවේදී ගැටුමට මැදි වූ බව කියන මලල කී‍්‍රඩා නිලධාරීන් කිරාන් අතපත්තු මහතාට ඉල්ලා අස් වන ලෙස කියමින් ඝෝෂා කළ බවද කියති. කෙසේ වුවත් තමන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව පවසා තිබෙන අතපත්තු මහතා මාධ්‍යවලට තමන් දුන් තොරතුරු ඉල්ලා අස් කර ගැනීමට සූදානම් නැතැයිද ප‍්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් ගිණුම් වාර්තා ඉදිරිිපත් කිරීමෙන් අනතුරුව අතපත්තු මහතා සභාවෙන් පිටව ගොස් තිබෙන අතර මධ්‍යම කමිටු රැස්වීම සංගමයේ සභාපති පාලිත ප‍්‍රනාන්දු මතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වාගෙන ගිය බවද වාර්තා වේ.