මලල කී‍්‍රඩා මධ්‍යම කමිටු රැස්වීම ගාලගෝට්ටියක් වෙයි


ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම නිසා අද (13) පැවැති ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ මධ්‍යම කමිටු රැස්වීම ගාලගෝට්ටියක් බවට පත්වූ බව වාර්තා වේ. මලල කී‍්‍රඩා සංගමයේ මධ්‍යම කමිටු රැස්වීම ටොරින්ටන් පෙදෙස් පිහිටි මලල කී‍්‍රඩා සංගම් මූලස්ථානයේදී පැවැත්වුණි.

සංගමයේ භාණ්ඩාගාරික කිරාන් අතපත්තු මහතා මාධ්‍යවලට අසත්‍ය තොරතුරු දෙන බවට චෝදනා කරමින් ජනසතු සේවා මලල කී‍්‍රඩා සංගමයේ නියෝජිත එච්. ඒ. උපාලි මහතා සභාවට කරුණු ඉදිරිපත් කර තිබේ. අතපත්තු මහතා ඊට පිළිතුරු දීමට යාම නිසා ඇති වූ බහින්බස්වීම දුරදිග යාමන් මෙම කලහය ඇති වී තිබේ.