මලල කී‍්‍රඩා ජාතික තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස එන්. ඒ. ටී. ජයසිංහ මහතා පත් කර තිබේ. සහකාර පොලිස් අධිකාරි ජයසිංහ මහතා ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ හිටපු උප සභාපතිවරයෙකි.
කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ අනුමැතිය ලැබුණු මලල කී‍්‍රඩා ජාතික තේරීම් කමිටුවට සුමිත් දල්පදාදු, ෆායිස් ඉස්මයිල්, එච්. ජී. විමලදාස, බන්දුල ජයසිංහ හා ජී. ජී. යූ. සමන්කුමාර යන මහත්වරුද ඇතුළත් වෙති.
මලල කී‍්‍රඩා තේරීම් කමිටු නිලධාරීන්ගේ පළමු රාජකාරිය වන්නේ ජූලි 4 වැනිදා සිට 7 වැනිදා දක්වා ඉන්දියාවේ ”පූනේ” නගරයේදී පැවැත්වෙන 20 වැනි ආසියානු මලල කී‍්‍රඩා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමය.