ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය විසින් සංවිධානය කරනු ලැබූ තේරීමේ තරගාවලිය අද (15 වැනිදා) කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී කිසිදු තරග වාර්තාවකින් තොරව අවසන් විය.
ඉසව් 24 කින් සමන්විත වූ මෙම තේරීම් තරගාවලියට ප‍්‍රාධාන පෙළේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තිදෙනෙකු හැර ශී‍්‍ර ලංකාවේ සිටින ප‍්‍රබලතම මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සහභාගී වූහ.
චන්ද්‍රිකා සුභාෂිණි, චමින්ද විජේකෝන් සහ ඒ. වයි. චමල් මෙම තේරීම් තරගාවලියට සහභාගී නොවූ නමුත් ඔවුන් තම නොපැමීණීමට අදාළ වෛද්‍ය වාර්තා මලල කී‍්‍රඩා සංගමයට ඉදිරිපත්කර තිබිණ.
ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලිය ලබන මස 4 වැනිදා සිය 7 වැනිදා දක්වා ඉන්දියාවේ පූනේ නගරයේදී පැවැත්වේ.
(*)