ඇම්ස්ටර්ඩෑම් සිට මලයාසියාවේ ක්වාලාලම්පූර් අගනුවර වෙත පියාසර කරමින් තිබූ මලයාසියා ගුවන් යානයක් යුක්රේන රුසියා දේශසීමාව ආසන්නයේ දී කඩා වැටී ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය කියයි. එම්.එච්.17 දරණ මෙම යානයේ මගීන් 295ක් සිටි බව ද වාර්තා වේ. අවසන් වරට යුක්රේනයට ඉහළ අහසේ දී රේඩාර් තිරයේ මෙම යානය සටහන්ව ඇතැයි ද වාර්තා වේ. මොස්කව් ගුවන් සේවය පවසන්නේ යානය නැගෙනහිර යුක්රේනයේ පොළව මතුපිටට කඩා වැටී ගිනිගනිමන් පවතින බවයි.


