මලයාසියා යානය ඉන්දුනීසියා මුහුදට වැටේ?


මලයාසියාවේ ක්වාලාලාම්පූර් සිට චීනයේ බීජින් දක්වා පියාසර කරමින් තිබියදී මගීන් 239 දෙනකු සමග අතුරුදන් වූ ගුවන් යානය ඉන්දුනීසියාවේ මුහුදට කඩා වැටී ඇති බවට සැකකරයි. බොයින් 777 දරණ මෙම ගුවන් යානයේ මගීන් 227ක් සමග කාර්ය මණ්ඩලය 12 ක් ගමන් කර ඇති අතර චීන, මලයාසියා, ඕස්ට්‍රේලියා, ජාතිකයින් මෙම යානයේ ගමන් කර ඇත.  කිසිදු ශ්‍රි ලාංකිකයකු එහි ගමන් කර නැතැයි ද ක්වාලාලාම්පූර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.