යුක්රේනයේ රුසියා දේශසීමාවේ දී මිසයිල ප්‍රහාරයකට ලක්වූ එම්.එච්.17 මලයාසියා යානයේ කළු පෙට්ටිය පරීක්ෂා කළ ද ඉන් කිසිදු විශේෂ තොරතුරක් අනාවරණය නොවූ බව බලධාරීන් පවසයි. ප්‍රංශ රජය පවසන්නේ කඩාවැටුණු ඇල්ජීරියා යානයේ කළු පෙට්ටිය හමුවූ බැවින් යානයට සිදුවූ අනතුර පිළිබඳ තොරතුරු ඉක්මණින් සොයාගැනීමට හැකිවනු ඇති බවයි. යානය දුහුවිලි කුණාටුවක් සමග අකුණු වැදීමෙන් අනතුරට පත්වන්නට ඇතැයි සැකයක් පවතී. විදෙස් මාධ්‍ය පවසන්නේ බර්කිනාෆාසෝ දේශසීමාවට කිලෝ මීටර 32ක් ඈතින් මාලි රාජ්‍යෙය් බවුලික්කෙස්සි ගම්මානයේ සුන්බුන් හමුවන බවයි. ඒ සුන්බුන් සියල්ල දැවී විනාශ වී ඇතැයි ද මළ සිරුරු කිසිවක් මෙතෙක් සොයාගත නොහැකි වී ඇතැයි ද මාධ්‍ය වාර්තා කරයි.

