මල නොතලා රොන් ගන්නැයි වෘත්තීය සමිති කියයි


රටක් ඉදිරියට ගෙනයාමට බදු පැනවීම අනිවාර්යයෙන් කළ යුතු වුවත් දුගී දුප්පත් ජනතාවටත් බර පටවමින් වැට් බදු ඉහළ දැමීම අනුමත කළ නොහැකි බව පුරවැසි බලය සංවිධානයේ කැඳ  වුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා පැවසීය.

පසුගිය රජය සමයේ වංචා  දූෂණ සිදුකරමින් රටේ ආර්ථිකය විනාශ කළ පුද්ගලයින්ට දඬුවම් නොදී ජනතාවට බර පැටවීම අනුමත කළ නොහැකි බවද රත්නප‍්‍රිය මහතා කීවේය.

සමන් රත්නප‍්‍රිය මහතා මේ බව පැවසුවේ මරදාන, ඩීන්ස් පාරේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේදී අද (11)  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පැවති රජයේ ඇතැම් මැති ඇමතිවරුන් මෙන්ම වත්මන් රජයේ මැති ඇමතිවරුන්ද නාස්තිකාර වියදම් කරමින් සුඛෝපභෝගී ජීවිත ගත කරන බවත් වමේ කේන්ද්‍රය සංවිධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා කීවේය.

IMG_5290 IMG_5294 IMG_5285