රජයට අයවිය යුතු බදු සහ හිඟ බදු අයකර ගැනීමට විධිමත් ක්‍රියාදාමයක් සකස් කරගෙන යන බව දේශිය ආදායම් කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක මහත්මිය පැවසුවාය.
හිඟ බදු ප්‍රමාණය කොතරම් දැයි යන්න සම්බන්ධව නිලධාරින් පිරිසක් සොයා බලාගෙන යන බවත් දහනායක මහත්මිය කීවාය.
බදු අයකර ගැනීමේ දී ජනතාව තලාපෙළා දැමීමකින් තොරව ඔවුන්ගේ ව්‍යාපාර වලට අගතියක් නොවන ආකාරයකින් එම කටයුත්ත සිදු කරන මහත්මිය සඳහන් කළාය.

