මරුවෙක් මහ පාරේ


හම්බන්තොට සිට තංගල්ල ප්‍රධාන මාර්ගයේ දිනපතා දැවැන්ත ගල් කුට්ටි පටවාගෙන ටිපර් රථ ගමන් කිරීම අනතුරුදායක බව රියදුරෝද හා පදිකයෝද කියති.

කාර්ය බහුල වේලාවන්වලදී ටිපර් රථ පසුපසින් රිය ධාවනය කරන විට තමන් අපහසුතාවයන්ට පත්වන බවද කුඩා වාහන රියදුරෝ කියති.

ආරක්ෂිත පටි සවි නොකර ටිපර් රියේ පසුපස දොරද විවෘත කර දැවැන්ත ගල් කුට්ටි පටවා ටිපර් රථ විශාල සංඛ්‍යාවක් දිනපතා ගමන් කරයි.

gal-tiper