මරුටියෙන් හිරේට පාර කපා ගනී


ජංගම දුරකතන සමාගමකින් සුසුකි මරුටි කාරයක් ඇඳුනු බව කියමින් එම සමාගමේ සේවකයකු ලෙස පෙනී සිට තැපැල් දෙපාර්තමේන්තු සේවිකාවකගෙන් ලියැවිලි ගාස්තු ලෙස රුපියල් 31300 ක් වංචාකළ කිරිඳිවැල අජිත් සංජීවට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා අත්හිටුවූ සිරදඬුවම් හා දඩ නියම කළේය. ඔහු වරද පිළිගත්තේය. වංචා කළ මුදල ගෙවන ලෙසද ඔහුට නියම විය. ඔහුට මාස හයක සිරදඬුවමක් නියම කැර එය පස් වසරකට අත්හිටැවීය. රුපියල් 1500 ක දඩයක්ද නියමවිය.