ඉන්දියාවේ මරූටි සුසූකි මෝටර් රථ නිශ්පාදන සමාගම ශී‍්‍ර ලංකාවේ රථවාහන එකළස් කිරීමේ කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම කෙරෙහි සැළසුම් සකස් කරමින් සිටින්නේයැයි වාර්තා වේ.
ඉන්දියාවේ ඔටෝකාර් සඟරාවට අදහස් දක්වා ඇති මරූටි සුසූකි සමාගමේ ප‍්‍රධානි ආර්.සී.බර්ගවා මේ දිනවල කර්මාන්තශාලාව පිහිටුවීමට සුදුසු ප‍්‍රදේශය පිළිඹදව විමර්ශනයක් සිදුකෙරෙමින් පවතින බවත් මේ සම්බන්ධයෙන් ශී‍්‍රලංකා රජය හා සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය බවත් ප‍්‍රකාශ කර ඇත.
මරූටි සුසූකි සමාගමේ මෝටර් රථ වලට හොද වෙළද පොළක් ශී‍්‍ර ලංකාවේ පැවතුණද රජය වාහන ආදායම් බදු ඉහළ දැමීම හේතුවෙන් මධ්‍යම පාන්තික පවුලකට ඔබින කුඩා මරූටි මෝටර් රථයකත් මිල රුපියල් ලක්ෂ 2 කින් පමණ ඉහළ ගොස් තිබේ.මෙනිසා ඉල්ලූම අඩු වීමෙන් පහර වැදී ඇත්තේ ඉන්දියා මව් සමාගමටය.ඔවුන්ගේ දැන් උත්සාහය ශී‍්‍ර ලංකාවේම කර්මාන්ත ශාලා ස්ථාපිත කිරීම මගින් ආනයන බදු මගහරවා අඩු මිලට වාහන අලෙවි කර වෙළදපොළ යළිත් දිනා ගැනීම බව සදහන්ය.