මරු කපොල්ලට එරෙහිව වැලිමඩ උද්ඝෝෂණ


වැලිමඩ - නුවරළිය මාර්ගයෙන් පිදුරුපොල ගමට පිවිසෙන පාර නාය යෑමට ලක්ව කාලයක් ගත වී තිබුණද එය නිසි පරිදි පිළිසකර නොකිරීම හේතුවෙන් ඊට එරෙහි වු  පිදුරුපොල ගම්වාසීහු අද කැප්පෙටිපොළ නගරයේ උද්ඝෝෂණයක් කළහ.

උද්ඝෝෂණය අතරතුර එහි පැමිණි ඌව පළාත්සභා මන්ත්‍රී එස්.ඒ.ආර්. බන්දුසේන මහතා ඔවුන් හා සාකච්ඡා කිරීමෙන් පසු ගැටළුවට විසදුම්  දෙන බවට පොරොන්දු වීමත් සමඟ උද්ඝෝෂණය නිමා විය.