මර්වින්ට සහාය නැතිලු


ඇමැති මර්වින් සිල්වා මහතා   කැලණිය ආසනයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස නැවත පත් නොකරන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටින බවත්, එලෙස පත් කළ හොත් ඔහු සමග දේශපාලනය නොකරන බවත් කැලණිය ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීර මහතා කියයි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 12 දෙනකු ද සමග මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ         ඔහු පැවසුවේ ඇමැති මර්වින් සිල්වා හැර වෙනත් ඕනෑම අයකු සමග කැලණියේ දේශපාලනය කිරීමට සූදානම් බවයි.

බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කැලණියේ වැඩ බැලූ කෙටි කාලයේ ඔහු සමග කැලණියට විශාල වැඩ කොටසක් කළ බව ද සභාපතිවරයා කීවේය.

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලංකා විජිත කුමාර මහතා -

‘ඇමැති මර්වින් නැවත කැලණියට පත් කරන බවට පළ වූ පුවත් සමග අපි පුරා වසරක් කැලණිය පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග සුහදව කටයුතු කරමින් ජනතාව වෙනුවෙන්  සිදුකළ වැඩට මළගම උදාවෙනවා.   අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක දේශපාලනය කළත් පහළ සාමාජිකයා කලකිරීමකට පත්වී ඉන්නේ මේ තත්ත්වය නිසා. අපිට ඒක නිවැරදි කරන්න බෑ.  අපි ජනපතිගෙන් ඉල්ලන්නේ මන්ත්‍රීවරුන්ගේ ජිවිත තුට්ටු දෙකෙට වැටිලා මහ පාරේ මැරෙන යුගයක් බිහිකරන්න එපා කියලයි.‘

(වීඩියෝ සහ ඡායාරූප ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)