මර්වින්ට කැළණිය එපා වෙලා වගේ


‘මම කැළණියේ භාර ගත් වැඩ ටිකක් තියෙනවා .තව මාස හය හතකින් ඒ වැඩ කොටස අවසන් කරනවා.ඊට පස්සේ මට කැළණියේ බලෙන් ඉන්න ඕන්න ඕනෑ කමකුත් නෑ.කැළණිය අග්‍රගණ්‍ය පුණ්‍ය භූමියක් කරන්න මට ඕනෑ කැර තිබෙනවා. මට ඊට අවසර දෙන්න..මම කූඩැල්ලෙකුත් නෙවේ.ගෙම්බෙකුත් නෙවෙයි.’

‘මගේ ගමන් මගට අවහිර බාධක තිබේ නම් ඒවා කඩා බිඳගෙන යනවා හැබැයි උපන් ගේ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමතක කරන්නේ නෑ.’ මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතා කැළණිය වන වාසල උත්සවයකදී එසේ පැවසීය.