මර්වින්ගේ ලේකම්ලා රජයේ සාක්කි කරුවෝ වෙති


කැළණිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සංවිධාන මන්ත්‍රී  හසිත කැලුම් මඩවල  මහතාට වෙඩි තබා ඝාතනය  කළැයි සැක පිට රිමාන්ඩ් බාරයේ  සිටි කිරිබත්ගොඩ දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පුරු සරත් හා විදානපතිරණගේ සමන් නිෂාමන් අද (28) නීතීපති අවසරය මත රජයේ සාක්කි කරුවෝ වූහ මේ දෙදන අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පාර්ලිමේන්තු කටයුතු හා සම්බන්ධීකරණ ලේකම්වරුය.

මහර මහේස්ත්‍රාත් සහන් මාපා බණ්ඩර මහතා හමුවේ  පැමිණිල්ල අද යළි කැදැවිණි.

මඩවල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උපුල් දේශප්‍රිය මහතා තරයේ විරුද්ධ විය. සෙසු සැකකරුවන් සමග ඔවුහු ද යළි ලබන 14 තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.