කැලණියේ උත්පලවණ්නා දේවාලයේ ‘කැලණි ඇතා ‘හෙන්ඩුවෙන් ඇන තුවාළ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙහිවල සතුන් වත්තේ පංශු වෛද්‍යවරු අද (07) ඇතා පිරික්සුහ.
තුවාල ඇති බව ඔවුහු කියති.
දින කිහිපයකට පෙර මෙම ඇතා විසින් ගොව්වාට පහර දී ඇතැයිද එම පහරදීමෙන් ඔහු මිය ගිය බවද කියති.
මෙම දේවාලය හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා විසින් ඉදි කැරිණි.

