(මනෝප්‍රිය ගුණසේකර)
කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෛන් කටයුතු කළ වසර දෙකක කාලය තුළ තමාගේ නිත්‍යානුකූල වත්කම් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදල් හා දේපළ උපයා ගත් බවට හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සැප්තැම්බර් 24 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා අද නියම කළේය.
අල්ලස් පනත යටතෙත් දඬුවම් ලැබිය යුතු වැරදි කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම පවරා තිබු නඩුව කැඳවු අවස්ථාවේදී දෙපාර්ශවයේ නීතීඥවරු කළ ඉල්ලීම් පිළිගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.
නඩු කැඳවු අවස්ථාවේදී හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා අධිකරණයේ පෙනී සිටියේය.
අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක මහතාගේ අත්සනින් යුතුව අධිචෝදනා දෙකක් යටතේ මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.