මර්වින්ගෙ ලේකම්ලාගෙන් විශේෂ ප්‍රකාශයක්


කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින සරත් කුමාර එදිරිසිංහ සහ සමන් නිශාන්ත මහර මහේස්ත්‍රාත් සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ අද පස්වරුවේ   විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව මහේස්ත්‍රාත්වරයාගෙන් එම අවසරය ලැබිණි.

සරත් කුමාර එදිරිසිංහ සහ සමන් නිශාන්ත ඇමැති මර්වින් සිල්වාගේ හිටපු සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනෙකි.