මර්වින් පුත් මාලක දැඩි සත්කාර ඒකකයේ


ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක මුහුණට සිදුවූ තුවාලවලට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටියි.

කොළඹ කුරුඳුවත්තේ සුපිරි රෙදිසාප්පුවකදී ඔහුගේ මුහුණට පහර දී ඇතැයි කියති.

ඔහුට පිහියෙන් ඇන ඇති බව ද දැනගන්නට ඇත.

ඔහුගේ හිසට පහර කිහිපයක් වැදී ඇතැයි ද සිද්ධිය වූ රෙදිසාප්පුව හා භූමිභාගයට දැඩි  පොලිස් මුර යොදා, මාධ්‍යයට එහි ඡායාරූප ගැනීමට ද අවහිර කර ඇත.

ඔහුට පහර දුන් පිරිස ඩිෆෙන්ඩර් රියකින් ආ බව ස්ථිර නොවූ වාර්තාවලින් කියැවේ.