ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කැලණිය සංවිධායක ධුරය සදහා නැවත වරක් මර්වින් සිල්වා අමාත්‍යවරයා පත් කරන ලෙස ඉල්ලා කැලණිය උත්පලවර්ණ විෂ්ණු දේවාලය ඉදිරිපිට දේව කන්නලව්වක් අද (06) පැවැත්විණි.
සෙත් කවියක් ද 108 වාරයක් ගායනා කැරිණි.
කැලණිය ප්‍රදේශයේ හා අවට ප්‍රදේශවල ජනතාව මෙම දේව කන්නලව්ව සදහා සහභාගී වූහ.
පනස් නමක් පමණ මහා සංඝරත්නය දේවාලය ඉදිරිපිට සෙත් පිරිත් කීහ.
දෝස දුරකර රකින යහදන පියෙක් දරුකැල රකින විලසි න
දිවැස යොමුකර බලන මුළු ලොව උවිඳ වෙණු සුරරදුනි සිරිග න
නැනැස මර්වින් සිල්ව දනහට පැමිණි රුපුබල බැහැර කරමි න
සතොස තනතුරු දියුණු කරමින රකින ලෙස ඔහු යදිමි බැතියෙ න