මර්වින් කපටි මිතුරන් පන්නයි


 මිත්‍රයන් යැයි කියාගන්නා කපටි මිතුරන් සහ   ඉතා හිතවත්යැයි කියාගන්නා පිරිස් විසින් මෙතෙක් කල් තමාගේ නම විකුණමින් තමා උකසට තබා කරන ලද ඇති වංචා  බොහොමයක් මාධ්‍ය  සහ ජනතාව මගින් දැනගන්නට ලැබුණු බවත්, තමාගේ නම විකුණමින් ජීවත් වූ කපටි මිතුරන් දැන් ඉවත් කර ඇති බවත් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියනුයේ තමාගෙන් යම් සේවාවක් අවශ්‍ය නම් කොළඹ හතර ගාලුපාරේ අංක 302 ලිපිනයේ ඇති මහජන සම්බන්ධතා අමාත්‍යංශයට සඳදා දිනක පැමිණ තමා හමුවන ලෙසයි. ඒ වෙනුවෙන් තමා කිසිදු නියෝජිතයකු පත් කර නැතැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.

මින් ඉදිරියට තමාගේ නම සදහන් කරමින් වංචා දූෂණ සහ නොයෙක් අකටයුතුකම් කිරීමට කිසිදු පුද්ගලයකුට ඉඩ නොතබන බැවින් එවැන්නන් ගැත තොරතුරක් ලැදහොත් වහාම ළඟම ඇති පොලිසියට  පැමිණිලි කරන ලෙස ඇමැති  ඉල්ලයි.