මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැතිවරයකුව සිටියදී 2006 දී පොළොන්නරුවේ දී ඔහු ඝාතනය කිරීමට ආ කොටි සාමාජිකයා අද බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
ජාතික ඇඳුමෙන් සැරසී වේදිකාවට පැමිණි හිටපු කොටි සාමාජික සිවරාජා ජෙනීෆන් වසර 10ක සිර දඬුවමකට නියම වී සිටියේය.
ඔහුගේ පිටට තට්ටුකළ ජනපතිට ඔහු දෑත් එක් කර ආචාර කළේය.
ජෙනීෆන්ට ජනපති සමාව ලැබිණි.




