මරදාන දුම්රිය ස්ථානයේ වහල සුළඟට යයි


(යොහාන් භාසුර)

දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය ප්‍රවාහන කොළඹ කාර්යාලයේ වහලයක කොටසක් සුළගින් කැඩියාම හේතුවෙන් මරදාන ප්‍රවේශපත් නිකුත් කරන කාර්යාලට ජලය පතිත වීමෙන් මරදාන ප්‍රවේශපත් කාර්යාලයේ කටයුතුවලට බාධා පැමිණ තිබේ.

ඒ හේතුවෙන් ප්‍රවේශපත් නිකුත් කරන ස්ථාන වෙනස් කරමින් මේ වන විට එම කාර්යාලයේ කටයුතු ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය.