මරණය පෙනි පෙනී ජීවිතයක් ගොඩ දමයි


ප්‍රංශයේ ලෙන්ස් ප්‍රදේශයේ ජීවත්වන ක්‍රිටීන් නයාට් දරුණු පිළිකා රෝගියෙකි.

සකෑන් පරීක්ෂණයක් සඳහා ඔහු ගිලන් රථයකින් රෝහලට රැගෙන යමින් සිටියදී ගිලන් රථයේ රියැදුරුට හදිසියේ හෘදයාබාධයක් වැළඳුනි.

ගිලන් රථයේ සිටි පිළිකා රෝගියා වහාම රථයේ සුක්කානම අතට ගෙන රියැදුරා ළඟම පිහිටි රෝහලට ගෙන ගියේය. ‘තව විනාඩි 10ක් ප්‍රමාද වුවානම් රියැදුරා මැරෙනවා‘ රෝහලේ වෛද්‍යවරු පිළිකා රෝගියාට කීහ. පසුව වෙනත් ගිලන් රථයකින් ඔහු ස්කෑන් පරීක්ෂණයට රැගෙන ගියේය.