අයහපත් කාලගුණය හේතුවෙන් ධීවරයන් පස් දෙනකු ඇතුළු හයදෙනෙක් මියගොස් 31 දෙනකු අතුරුදන්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.සූළඟින් පූර්ණ හානියට පත් නිවාස සංඛ්‍යාව 60 ක බවත් අර්ධ හානි සිදුවූ නිවාස 1504 ක් වාර්තා වී ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි.