මරණ දඬුවම ලැබූ 60 දෙනකුට ජීවිත දානය


මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් 60 දෙනකුට දඬුවම ජිවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පරිවර්තනය කිරීමට ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය හිමිවී තිබේ.

පෙබරවාරී 04 වැනි දාට යෙදී ඇති 69 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද විශේෂ කමිටුවක් මගින් ලබා දී ඇති නිර්දේශය මත ජනපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.

මේ ගැන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා වෙත දැනුම් දී ඇත.