මරණ දඬුවම ලබා සිටියදීත් පශ්චාත් උපාධිය සොයයි


බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම් මහතා ඝාතනයට මරණ දඬුවම නියමව සිටියදී උපාධිය සමත්වූ හිටපු උප පොලිස් පරීක්ෂක ඉන්දික බමුණුසිංහ මහතා මේ වනවිට සිය පශ්චාත් උපාධිය සඳහා සූදානම් වන බව වැලිකඩ බන්ධනාගාර ආරංචි කියයි.
කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටින රෝයල් පාර්ක් මිනිමැරුම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරගෙට නියමව සිටින ජූඩ් ජයමහ මහතා ද බාහිර උපාධියට පෙනී සිටීම සඳහා අධ්‍යයන කටයුතුවල නිරතව සිටින බව කියති.
ඔහුට ඒ සඳහා අධ්‍යයන කටයුතු කිරීමට දිනපතා පැයක කාලයක් සිරමැදිරියෙන් පිටත සුබ සාධක අංශයේ රඳවා අවස්ථාව සලසා ඇතැයි ද ඔහුට බාහිර කථිකාචාර්යවරයකුගේ සහාය ලබාදීමට කටයුතු කර ඇතැයි ද වාර්තාවේ.