නාවල පීකොක් මන්දිර පිහිනුම් තටාකයේ රන් දමා මුහුදු වැලිවලින් ගොඩකර ඇති බවට ආරංචි ඇතැයි එහි අයිතිකරු ඒ.එස්.පී.ලියනගේ කළ පැමිණිල්ලක් ගැන කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අද ඔහුගෙන් පැය දෙක හමාරක කටඋත්තරයක් ලියා ගත්තේය.
මෙම මන්දිරය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදිංචියට පරිත්‍යාග කරන බව කියා පසුව ලියනගේ මහතාගේ බිරියගේ විරෝධය නිසා එය නුදුන් බව ඔහු කියා ඇත.

