වප් පොහොය උදා වෙද්දීම උදෑසන මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ ගැබ්බරව සිටි ඇතින්නක සිය දරු උපත සිදු කළාය
අලුයම තුනත් හතරත් අතර කාලයේදි ඇය බිහිවු පුංචි පැටවා පිරිසිදු කොට පැය කිහිපයකින් පසුව වනාන්තරය ඇතුළතට රැගෙන ගියාය
පොහොය බලපෑම සමඟ බොහෝමයක් වන සතුන් පැටවුන් බිහිකිරිමට සූදානමින් වන අතර විශේෂයෙන් අලි ඇතුන් වැනි සත්තු මේ කාලයේදි එක් ස්ථානයක කල් ගෙවිමටත් එම ස්ථානය තැනිතලා ස්ථානයක්වීමටත් වගබලා ගනිති
ඇතින්නක මෙසේ පැටවා සහිත වැදෑමහ බිහිකිරීමෙන් අනතුරුව සිය පාදයෙන් ඇන වැදෑමහ පළුදු කිරීම සිදු කරයි
පැටවා බිහිවී පැයකට පමණ පසුව එම ස්ථානයෙන් ඉවත් කොට සිය රැළ වෙතට රැගෙන යයි
පැටවා ප්‍රසූත කළ පසු ඉවත් වු වැදාමහ