මාතලේ දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් අසාධරණ ලෙස බෙදා ඇත්නම් සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙසත් එසේ ඔප්පු කළොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රත්තොට දි පැවසිය.
එක්තරා කෙනකු මිට පෙර චෝදනා කළා අපි ඉඩම් මංකොල්ල කනවා කියලා අපට නොයෙකුත් දේ අවලාද චෝදනා එල්ල කරනවා.මම හිටපු පොලිස් කාරයෙක්. මට ගහන්න ගහන්න මම වැඩ කරනවා සුවඳ හමන සදුන් ගහක් වගේ. දඹුල්ලේ කවි කොළ ලියපු කියවපු ටි.බි තෙන්නකොන් පියාගේ පුතා මට මගේ නමට වැඩිය පියාගේ නම වටිනවා. ඒ නිසා මම වැරදි වැඩ කරන්නේ නැහැ. අපි මේ දිස්ත්‍රික්කයේ ඉඩම් නැති අහිංසක ජනතාව වෙනුවෙන් අක්කර 200 ක් රජයේ ඉඩම් ලබා දෙන්න වැඩපිළිවෙළක් සකස් කර තියෙනවා. ඒවා නුරුස්සන්න බැරි අය තමයි අපට විවිධ චෝදනා නගන්නේ.