ශ්‍රී ලාංකීය කලා ක්ෂේත‍්‍රයේ නොමැකෙන සටහනක් තබමින් සිංහල සිනමාව ආලෝකමත් කළ සිනමා තාරකාවයක් තමයි දිල්හානි ඒකනායක. චිත‍්‍රපට 110කට අධික සංඛ්‍යාවකට දායක වී ඇති ඇය දහස් සංඛ්‍යාත රසික ප‍්‍රජාවගේ අසීමිත ආදරයට පාත‍්‍ර වූවා සේම ස්වකීය කුසලතාවන් නිසා නොයෙක්වර සම්මානයන්ට ද පාත‍්‍ර වුණා.
ප‍්‍රියමනාප සිනහවකින් සහ කතාබහකින් මුව පුරවාගෙන සිටින ඒ සිනමා තරකාව දිල්හානි ඒකනායක මෙවර තරු පෙම් කළ තරු විශේෂාංගය හැඩ කරනවා.
දිල්හානි පුංචි කාලේ කැමතිම නළුවා කවුද?
කැමතිම නළුවා කියන්නේ ඒ කාලේ ගොඩක්ම මට බලන්න හම්බවුණේ විජය කුමාරතුංග සහ ගාමිණි ෆොන්සේකා රඟපෑ චිත‍්‍රපටි, මොකද අපේ අම්මලා වැඩිපුරම බැලූවේ ඒ චිත‍්‍රපටිම තමයි. ඒ නිසා ඒ කාලේ වැඩිපුරම නරඹපු නළුවො දෙන්නා ඒ දෙන්නා තමයි. ඒ වගේම විජය කුමාරතුංගට ප‍්‍රියවෙන්න තවත් හේතුවක් වෙන්නෙ ඔහු හිටියෙත් අපේ ගෙවල් ළඟ. එතකොට මම ඔහුව සිනමාවේදී අමතරව උදේ හවසත් දකිනවනෙ. ඒ නිසාත් ඔහුට ගොඩක් කිට්ටුයි.
විජය කුමාරතුංග මහත්මයා රඟපෑ චිත‍්‍රපට අතරින් කැමතිම චිත‍්‍රපටය මොකක්ද?
මම අදටත් ප‍්‍රිය කරන්නේ ඔහු රඟපෑ හන්තානේ කතාව සහ ගඟ අද්දර චිත‍්‍රපටවලට. ඔහු ඒ චිත‍්‍රපටවල ඉතා දක්ෂ සහ ආකර්ශනීය ලෙස රඟපෑවා.
ඔහු එක්ක ඔබට රඟපාන්න අවස්ථාවක් ලැබිලා තියෙනවද?
නෑ. මම සිනමාවට එද්දි ඔහු ජීවතුන් අතර නෑ.
ඔබ සිනමාවට අවතීර්ණ වුණාම වැඩිපුරම සිනමා රංගනයෙදී ආදරවන්තයා වුණේ කව්දු?
අජිත් ජිනදාස, රන්ජන් රාමනායක, ජීවන් කුමාරතුංග, සනත් ගුණතිලක ඇතුළු ඒ යුගයේ හිටපු සියලූම දෙනා එක්ක මට රඟපාන්න අවස්ථාව ලැබුණා.
ඒ පිරිස අතරින් වැඩිම කතා බහකට ලක්වුණේ රංජන් රාමනායක සමග රඟපෑ චිත‍්‍රපට නේද?
ඒ කාලේ ඔහු එක්ක රඟපෑ චිත‍්‍රපටි ගොඩක් ජනප‍්‍රිය වුණා. ඒ වගේම අජිත් ජිනදාස සමඟ රඟපෑ චිත‍්‍රපටත් කතාබහට ලක්වුණා.
ඒ කාලෙදී ඒ චිත‍්‍රපට වැඩි දින ගණන් තිරගතවෙලා තියෙනවා. රන්ජන් එක්කත් මෑතක් වනතුරුම මම රඟපාලා තියෙනවා. ඉතින් මම හිතනවා පේ‍්‍රක්ෂකයෝ යම්කිසි ප‍්‍රමාණයකට ඒ දෙන්නත් එක්ව රඟපෑ චිත‍්‍රපටවලට ගොඩක් කැමතියි. ඒවට හොඳ ප‍්‍රතිචාර ලැබුණා.
වර්තමාන පරපුරේ ඔබ පි‍්‍රය කරන රංගන ශිල්පියා ගැන කිව්වොත්?
මෑත කාලයේ දී නම් සිනමාවේ බිහි වුණු අයගෙන් උද්දික පේ‍්‍රමරත්න, හේමාල් රණසිංහ සහ පුබුදු චතුරංගට කැමතියි.
ඔවුන්ට කැමති වෙන්න හේතුව?
මෑත කාලයේ තරුණ පරම්පරාවෙ ඒ කට්ටිය තමයි සිනමාව ආක‍්‍රමණය කරලා තියෙන්නෙ. ඒ තුන්දෙනා ගොඩක් දක්ෂයි. හොඳ රංග ප‍්‍රතිභාවක් තියෙනවා.
හේමාල්ගෙ විශේෂත්වය මොකක්ද කියලා ඇහුවොත්?
හේමාල් ගත්තම මේ රටේ සිනමාව ඇක්ෂන් හීරෝ කියන එක හරි අඩුපාඩුවක් තිබුණා. ඒක යම්කිසි ප‍්‍රමාණයකට පිරවුණා කියලා හිතෙනවා. ඒ වගේම අනිත් දෙන්නත් මෑත කාලයේ බිහිවුණු හොඳ රංගන ශිල්පීන්.
ඔවුන් සමඟ ඔබ රඟපාලා තියෙනවද?
මම හේමාල් එක්ක පමණයි රඟපාලා නැත්තේ. අනිත් දෙන්නා එක්ක රඟපාලා තියෙනවා.
හේමාල් එක්ක රඟපාන්න ආරාධනාවක් ලැබුණොත්
ආරාධනාවක් ලැබුණොත් භාරගන්නවා. ඒක මගේ වෘත්තීයට ගැළපෙනව නම් මම වැඩ කරනවා.
දිල්හානි ඒකනායකගෙ ආදරණීයම ගායකයා කව්ද?
ගායකයො ගැන කියනවනම් ඉතිහාසයේ බිහිවුණු සියලූම ගායකයො මට ප‍්‍රියයි. හැම කෙනෙක්ගේම අදටත් රස විඳින්න පුළුවන් ගිත බිහි වෙලා තියෙනවා. ඒ නිසා එක්කෙනෙක් කියලා නෑ. හැම කෙනෙකුගෙම ගීතවලට ගොඩක්ම කැමතියි.
ඒ කාලෙ ළමා ගීතවලට ගොඩක් ප‍්‍රියයි. වෙසක් කැකුලූ ගීතය, පුංචි වුණත් හරිම සැරයි, ගම්මිරිස් ඇටේ, ඒ වගේ ගීත රට ගැන කියන ගීත ගොඩක් හිතට වැදුණු ගීත. ඒවට මම අදටත් ප‍්‍රිය කරනවා. ඒ නිසා ගායකයෙක් නම් වශයෙන් වෙන් කරන්න බෑ. මිල්ටන් මල්ලවආරච්චි ගත්තත් මිල්ටන් පෙරේරා ගත්තත් දෙදෙනාගේම කොයිතරම් වෙනස් විදියෙ ගීත ද තියෙන්නේ.
එහෙනම් පිටරටක කැමතිම ගායකයෙක් ඉන්නවද?
පිටරට ගායකයන්ගෙන් මම ගොඩක් ප‍්‍රිය කරන්නෙ ලයනල් රිචීට සහ එල්විස් ප්‍රෙස්ලිට. ඒ ගීත මම අදටත් රස විඳිනවා.
එතකොට වර්තමානයේ ප‍්‍රිය කරන ගායකයෙක් ගැනකතා කළොත්?
තරුණ පරම්පරාවෙ කට්ටිය ගොඩක් හොඳයි දක්ෂයි. ඒ අතරින් කසුන් කල්හාරගෙ සහ භාතිය සන්තුෂ්ගේ ගීතවලට කැමතියි. ඒවා අහන් ඉන්න පුළුවන්. ඒ වගේම මගේ පුතා ඩිල්මිත්ගෙ ගීතත් අහනවා. ඒ ගීතවලටත් කැමතියි. ඒ පරම්පරාවෙ නදීමාල් පෙරේරා ඇතුළුව ඒ ළමයින්ගෙ ගීත අහනවා. ඒවට කැමතියි.
එතකොට ප‍්‍රියංකර පෙරේරාගෙ ගීතවලට විශේෂ වැඩි කැමැත්තක් දක්වන්නෙ නැද්ද?
නෑ. එහෙම විශේෂත්වයක් නෑ. ඒ මගෙ ළමයගෙ තාත්තා, ස්වාමියා වුණා කියල ලොකු විශේෂ බවක් නෑ. නමුත් ඔහුගෙ ගීතත් මම ප‍්‍රිය කරනවා. එහෙමයි කියලා ගායකයෙක් කියලා අල්ලගෙන නෑ.
කැමතිම ගී පද රචකයෙක් ගැන කතා කළොත්?
කරුණාරත්න අබේස්කර, අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, පේ‍්‍රමකිර්ති ද අල්විස් ඒ හැමෝගෙම ගී පද රචනයන්ට මම ගොඩාක්ම කැමතියි. එක්කෙනෙක් කියලා වෙන් කරන්න නම් අමාරුයි.
ධනු විජේරත්න


