මම සිනමාවට අලුත් කෙනෙක්


20160316 Saaravita 11

සිංහල සිනමාවට අලුතෙන් එක්වන ලක්ස් රූ රැජින තරගයෙන් පළමුවැනි ස්ථානය දිනාගත් නිරූපණ ශිල්පිනියක වන චුලක්ෂි රණතුංග සමග කළ කතාබහකි මේ. 'දේදුනු ආකාසේ' නමැති දැනට රූගත කෙරෙන චිත්‍රපටයේ හේමාල් රණසිංහ සමග ඇය ප්‍රධාන චරිතයට පණ පොවන්නීය.

 

Untitled20160316-Saaravita-13ඔබ සිංහල සිනමාවට එක්වන්නේ 'දේදුනු ආකාසේ' චිත්‍රපටයෙන්. ඒ ගැන යමක් කියන්න පුළුවන්ද?

මාව මේ චිත්‍රපටයට තෝර ගත්තේ ලක්ස් රූ රැජින තරගයෙන් පළමු වැනි ස්ථානය ලබාගත් නිසා. මා සමග ජනප්‍රිය නළුවෙකු වන හේමාල් රණසිංහ මෙහිදී රංගනයෙන් දායක වෙනවා.

 

ඔබ මේ ආ ගමනේදී ඔබගේ දෙමවුපියන් මේ ක්ෂේත්‍රයට එන්න ඔබට ආශිර්වාදයක් වුණාද?

ඔව්, මගේ දෙමවුපියන් මේ ක්ෂේත්‍රයට පිවිසීමට මට ආශිර්වාද කළා. ඒ වගේම ඔවුන් සතුටු වෙනවා මගේ මේ කලා ජීවිතය පිළිබඳව.

 

මේ ගමනේදී ඔබට උදව් උපකාර කළ අය සිටිනවාද?

ඔව්. මට මේ ක්ෂේත්‍රයට පිවිසීමේදී බොහෝ දෙනා මට උදව් උපකාර කළා. ආශිර්වාද කළා. ඒ නිසා එක් කෙනෙක් කියලා සඳහන් කරන්න බෑ. බොහෝ අය මට උපකාර කළා. මම ඒ හැමෝටම ස්තූතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී.

 

ඔබ සිනමාව ගැන හිතන්නේ කොහොමද?

මම මේ ක්ෂේත්‍රයට අලුතින් එක්වූ කෙනෙක්. නමුත් මේ කලා ක්ෂේත්‍රය ගැන මම හිතන්නෙ ගොඩක් සුන්දර තැනක් කියලා. හරිම ලස්සන ලෝකයක් වගෙයි මට ඒ ගැන හැඟෙන්නේ.

 

ඔබ වඩාත්ම කැමති දේශීය සිනමා තරුව හා තාරකාවිය කවුද?

මම විජය කුමාරණතුංග මහතාට ගොඩක් කැමති. තරුවක් වශයෙන් කැමතිම නිළිය තමා සංගීතා වීරරත්න මහත්මිය.

 

ආසිරි දමින්ද / ඡායාරූප - චුලක්ෂිගේ Facebook ගිණුමෙන්

Untitled20160316 Saaravita 12
20160316 Saaravita 13

Untitled20160316-Saaravita-14