මම නම් හිතන්නෙ නැහැ තාත්තලා හින්ද අපිට ලොකු අවස්ථා ලැබෙනවා කියලා


2017-01-11-ent-62

නව පරපුරේ ගායකයෙකු ලෙස ඔබ හඳුනාගන්නා ඔහු නදීමාල් පෙරේරාය. ගායන ශිල්පී අමල් පෙරේරා මහතාගේ පුතු වන නදීමාල් සාරවිට හා මෙසේ එක්විය.

මම නම් පවුල් පසුබිම නිසාම තමයි සංගීතයට යොමුවෙන්නේ. මගෙ තාත්තා සහ සීයා සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ අය. ඒ දෙන්නා සංගීතයට යොමුවුණේ නැත්නම්, මම මොනවා කරයිද කියලා දන්නෙ නැහැ. මට උපතින්ම ඒ හැකියාව ලැබිලා තියෙන්නේ ඒ දෙන්නා නිසා තමයි. මම නම් සංගීතයට යොමුවෙන්නේ පවුල් පසුබිම නිසා තමයි. තාත්තගෙ නම කියලා මාව හඳුන්වන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. තාත්තයි, සීයයි දෙන්නම කලා ක්ෂේත්‍රය තුළ නමක් හදාගත්ත අය නිසා මට ප්‍රශ්නයක් නෑ. අපි කරන දේවල් සමහර අය විවේචනය කරන්න පුළුවන්. අපි මෙහෙම හිතමු. අපි ගායන තරගයකට යොමු වුණොත්, එහි ජයග්‍රහණය අපි ලබාගත්තොත් මම අමල් පෙරේරාගේ පුතා නිසා ලැබුණෙ කියලා සමහර අය කියන්න පුළුවන්. එහෙම දේවල් වෙලා තියෙනවා. ඒත් මම නම් හිතන්නෙ නැහැ තාත්තලා හින්ද අපිට ලොකු අවස්ථා ලැබෙනවා කියලා.

 

නිදුක් මදුෂික

 

2017-01-11-ent-63