හොඳයි. හොඳින් ඉන්නවා.
මුලින්ම අහන්න ඕන දේ තමයි තිරයේ ඉන්න අශෝක්ම ද සැබෑ ජීවිතයෙත් ඉන්නෙ?
අපෝ නැහැ. මම ඊට හුඟක් වෙනස්. මම හිතන්නෙ නෑ කිසිම කෙනෙක් ඒ වගේ වෙන්න ඕන කියලා.
තිරයේදී දුෂ්ටයා වුණත් ඉෂිතා ශගුන් සහ රමන් එක්ක ඔබ මිත්‍රශීලියි. එහෙම නේද?
අයියෝ ඔව්. අපි හොඳ මිත්‍රයො. මිත්‍රයො හින්දම තමා චරිත හොඳට නිරූපණය කරන්නෙත්. රූපගතකිරීම්වලදී දුෂ්ට වැඩ කළාට සාමාන්‍ය ජීවිතේදි අපි එකට කනවා බොනවා ඇවිදින්න යනවා. ඒ වගේ.
අශෝක් සාමාන්‍යයෙන් දවසක් ගත කරන හැටි ගැන කිව්වොත්?
අයියෝ බොහොම සරලයි. රඟපාන වෙලාවට එකදිගට පැය දහය දොළහ රඟපානවා. රඟපාන්නෙ නැති වෙලාවට මම කරන්නෙ නිදාගන්න එක. මුළු දවසක්ම වුණත් නිදාගත්තහැකි. ඒ වගේම යාළුවො එක්ක ජිම් එකටත් යනවා.
අශෝක් තාම අවිවාහකයි නේද?
ඔව් ඔව් තාම තනිකඩ කොල්ලා.
රසිකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
යේ හේ මොහබදීන් මේ නාට්‍ය බලන ගොඩක් අය මට කැමැති නැහැ. හරිම දුෂ්ට චරිතයක් කියලා. අඩුම තරමේ මගේ අම්මාවත් නාට්‍ය බැලුවට පස්සෙ මට කැමැති නෑ.
එයාලගෙන් ප්‍රශ්නයක් වෙලා එහෙම නැද්ද?
නැහැ නැහැ. මම ටිකක් උසට ඉන්නවනෙ. ඉතින් මට මුකුත් කරන්න එයාලට ටිකක් අමාරුයි. ඒ හින්දා මට කෑගහනවා විතරයි. හැබැයි දැන් නම් රසිකයෝ ටිකක් විතර මට හොඳින් සලකනවා. මම දන්නෙ නැහැ ලංකාවෙ විකාශනය වෙන්නෙ මොන කොටසද කියලා. ඉන්දියාවෙ විකාශනය වෙන කොටස්වල මම ටිකක් හොඳ චරිතයක් වෙලා. ඉතින් රසිකයෝ දැන් ටිකක් කැමැතියි මට.
රජිත / සේයාරූ - සුමුදු





