තරුණ පරපුර අතර, අතිශය ජනප්‍රිය යොවුන් ගායන ශිල්පී සමිත සිරිමාන්න පසුගියදා සිය අලුත්ම ගීතය එළිදක්වනු ලැබීය. ‘පින් මදිද දන්නේ නෑ’ ඔහුගේ අලුත්ම ගීතය වන අතර, එය සමිතගේ පස්වැනි ගීතය හා වීඩියෝවද වේ. මේ ඒ සිය අලුත්ම ගීතය පිළිබඳව සමිත ‘සාරවිට’ අපිට දැක්වූ අදහස්.
අලුත් ගීතය ගැන කිව්වොත්?
‘පින් මදිද දන්නේ නැ’ තමයි මගේ අලුත්ම ගීතය. ලිව්වේ හා සංගීතවත් කළේ චතුර වනිගසේකර. රූප රචනාවේ තිර පිටපත රචනා කළේ මම. එය අධ්‍යක්ෂණය කළේ චතුර රත්නායක. මෙහි රංගනයෙන් මා සමග දායක වෙන්නේ ජනප්‍රිය ටෙලි හා සිනමා නිළි විනු සිරිවර්ධනයි.
ගීතයට ලැබෙන රසික ප්‍රතිචාර?
ඉතා ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනවා. දැනට මෙම ගීතය රූපවාහිනි හා එෆ්.එම් නාළිකා කිහිපයකම අසන්නටත් දකින්නටත් ලැබෙනවා. ඊට අමතරව ජනප්‍රිය වෙබ් අඩවි කිහිපයකත් මේ ගීතය නරඹන්නටත් භාගත කරගන්නත් පුළුවන්. දැනටත් මෙම වෙබ් අඩවි හරහා විශාල පිරිසක් මේ ගීතය නරඹලා තියෙනවා.
සමිතගේ මේ කී වෙනි ගීතයද?
මම නිර්මාණය කරපු පස්වැනි ගීතය. මගේ පළමු ගීතය තමයි ‘මේ ඇසින්’, ඊට පස්සේ ‘පෙනේනා තෙක් මානයේ’, ‘සිත ඔබ ගැන’ හා ‘මේ දුක’ කියන ගීත මම එළිදැක්වුවා. අන්තිමට කළේ දැනට එළිදක්වලා තියෙන ‘පින් මදිද දන්නේ නෑ’ ගීතය. මගේ අලුත්ම ගීතයක් ලබන වසරේ මාර්තු මාසයේදී එන්න තියෙනවා.
‘පින් මදිද දන්නේ නෑ’ ගීතය ඔබගේ අනෙකුත් ගීතවලට වඩා වෙනස්ද?
‘පින් මදිද දන්නේ නෑ’ කියන ගීතය වගේම මා විසින් මීට පෙර එළිදැක්වූ ගීතවලට වඩා වෙනස්. ඇත්තටම, මම කරන හැම නිර්මාණයක්ම එකිනෙකට වෙනස් නිර්මාණ. මේ ගීතයෙන් පස්සේ මා විසින් එළිදක්වන්න සැලසුම් කරලා තියෙන ගීතය තවත් වෙනස් ආරේ ගීතයක්. මම හැම වෙලාවෙම කරන නිර්මාණවල වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද, එකම විදිහේ ගීත රසවිඳින්න රසිකයෝ කැමති නැහැ. අන්න ඒ කාරණ නිසා තමයි මම හැම වෙලාවෙම විවිධත්වයට තැන දෙන්නේ.
ස්තුතිය?
අලුත් ගීතයට දායක වුණ සියලුම දෙනාට මේ වෙලාවේදී ස්තුති කරන්න ඕනා. විශේෂයෙන්ම, චතුර අයියාට. ඒ වගේම විනු ඇතුළු මේ නිර්මාණයට දායක වුණ සියලු දෙනාට ස්තුති කරන්න ඕනා. ඒ වගේම මේ ගීතයට මේ වනවිට ඉතා හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. මම අද මේ තැන ඉන්නේ මා වටා ඉන්න රසික පිරිස නිසා. ඔවුන් සියලු දෙනාටම බොහොම ස්තුතියි කියලා කියන්න ඕනා.
බුද්ධික සේනාධීර