සිඳු නාට්‍යයේ මලිතට පණ පොවන නෙත්ම අකාෂ්මිත පසුගිය දවසක 9 වැනි උපන්දිනය සැමරැවා. උපන් දින කේක් එක නම් කරලා තිබ්බෙත් සිඳු කියලා. ඒ නිසාම හිතුණා හදසරින් නෙත්ම අකාෂ්මිත එක්ක පොඩ්ඩක් කතා කරන්න. නෙත්මව අපිට සම්බන්ධ කරගන්න ලැබුණේ හොරණ පොකුණුවිට ප්‍රදේශයේ රෑගතකිරීම් අතරතුර.
මම සිඳු කියන්නද නෙත්ම කියන්නද?
පසුගිය දවසක උපන් දිනේ සමරැවනේ, කොහොමද තෑගි ගොඩක් ලැබුණද?
ඔව්, මගේ 9 වැනි උපන් දිනය ඔක්තෝබර් 3 වැනිදා
පුතා කැමතිම තෑග්ග දුන්නේ කව්ද?
අම්මයි, තාත්තයි, නැන්දයි
ඒ අතරත් වඩාත් කැමතිම තෑග්ග?
අම්මා දුන්න තෑග්ග
ඒකෙ මොනවද තිබ්බේ?
මම කැමතිම දේවල් ගොඩක් තිබ්බා, හල්ෆ් කියන කාටුන් චිත්‍රපටයේ චරිතවලට මම ගොඩක් කැමැතියි. ඉතින් ඒවා සහ තව ගොඩක් දේවල් තිබ්බා.
පුතාගේ උපන්දින කේක් එක නම් කරලා තිබ්බේ සිඳු කියලනේ. පුතා දැනගෙන හිටියද?
නැහැ, මම දන්නේ නැහැ. උපන් දින සාදයක් තියෙනවා කියලා දැනගෙන හිටියෙත් නැහැ මම. අම්ම තමා ඒ දේවල් මම වෙනුවෙන් කරලා තිබ්බේ.
ඉතින් මොකද පුතාට හිතුණේ?
මට ගොඩක් සතුටු හිතුණා.
කොහොමද ලැබුණු ප්‍රතිචාර?
ගොඩක් අය දැන් මාව දැක්කාම අඳුනනවා, මට ඇහෙනවා අන්න අර සිඳු එකේ මලිත් කියලා කියනවා.
පුතාගේ පාසල?
JMC ජාත්‍යන්තර පාසල - දෙමටගොඩ
යාළුවෝ මොකද කියන්නේ?
මම හොඳට රඟපානවා කියලා කියනවා.
මොනවද අමතක නොවන අත්දැකීම්?
මට එක දර්ශනයක් තිබ්බා පාරේ හිඟා කන්න. ඒකට නම් එච්චර කැමති නැහැ... අදටත් මම ඒ ෆොටෝස් බලන්නවත් කැමැති නැහැ.
ලොකු වුණාම කවුරැ වෙන්නද කල්පනාව?
විද්‍යාඥයෙක් වෙන්න.
එතකොට රඟපාන්නේ නැද්ද?
මම රඟපාන්න ගොඩක් ආසයි. ඒ නිසා රඟපාන ගමන් විද්‍යාඥයෙකුත් වෙනවා.