ජිනීවා යෝජනා කුමන ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතු ද යන්න පිළිබඳව මහජන අදහස් ලබාගැනීමේ කටයුතු මෙම මස අවසන් සතියේ සිට ක්‍රියාත්මක කරන බව එම අදහස් ලබාගැනීම සඳහා පත් කළ උපදේශක කාර්යය සාධක බළකාය පවසයි.
නීතීඥ මනෝරි මුත්තෙට්ටුවේගම මහත්මියගේ සභාපතීත්වයෙන් යුත් 11 දෙනකුගෙන් සමන්විත මේ බළකාය මේ දිනවල මහජන අදහස් විමසයි. අදහස් ඉදිරිපත් කිරීම සඳහා වෙබ් අඩවියක් ද හඳුන්වාදී ඇත.
මෙම බළකාය ගිය සති කිහිපය තුළ යාපනය දිස්ත්‍රික්කයේ පොලිසිය හා හමුදාව හමුවිය.
ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහ පොලිස් ප්‍රධානීන් මුණගැසී සාකච්ඡා කිරීමට අදාළ කමිටුව සැළසුම් කර ඇති බව එම කාර්යය සාධක බලකායේ ලේකම් පාක්‍යසෝති සරවණමුත්තු මහතා සඳහන් කළේය.
මෙම කමිටු වාර්තාව අප්‍රේල් අවසන් සතියේ භාරදීමට සැලසුම් කර ඇති බව සරවණමුත්තු මහතා සඳහන් කළේය.

